නව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ අසුන් පනවයි

Share

නව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් හට පාර්ලිමේන්තුවේ අසුන් පැනවීම සිදුකර අවසන් බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.

ඊයේ (22) දිනය තෙක් සිදුකළ නව ආණ්ඩුවේ පත් වීම් අනුව ජ්‍යෙෂ්ඨත්වය මත අසුන් පැනවීම සිදුකර ඇති බව ඔහු සදහන් කළේය.

ඒඅනුව මහින්ද රාජපක්ෂ මහතාට ආණ්ඩු පක්ෂයේ අග්‍රාමාත්‍යවරයාගේ අසුනේත්, දැනටපත් කර ඇති අමාත්‍යවරුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව මෙන්ම සෙසු මන්ත්‍රීවරුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව ආසන සකස් කර අවසන් කර තිබේ.

එමෙන්ම පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්වල පක්ෂ නායකයින්ගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව අසුන් පනවා ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේය.

විපක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව පාර්ලිමේන්තුවේ අසුන් පැනවීම ද මේ වන විට සිදුකර අවසන් බව ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

Read more

Local News