අනුරුද්ධ පාදෙණියට එරෙහි පැමිණිල්ලේ වැඩිදුර විභාගය ලබන වසරට කල්යයි

Share

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ලේ වැඩිදුර විභාගය මාර්තු මස 24 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කළේය.

මෙම පැමිණිල්ල අද (26) ශිරාන් ගුණරත්න සහ සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමෙන් පසුව එහි විභාගය මාර්තු මස 24 වනදා දක්වා කල් තැබීමට අධිකරණය නියම කළේය.

සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින් දෙදෙනකු වන මහාචාර්ය සරත් විජේසූරිය සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

එම පැමිණිල්ල තුළින් සඳහන් කර තිබුණේ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා 2017 වසරේ කොළඹ පැවැති ජන හමුවකදී කරුණු දක්වමින් අභියාචනාධිකරණය මඟින් ප්‍රකාශිත “සයිටම් නඩු තීන්දුව” දැඩි ලෙස විවේචනය කරමින් කරුණු ඉදිරිපත් කළ බවයි.

ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් ඒ වෙනුවෙන් ඔහුට සුදුසු දඬුවම් පමුණුවන ලෙසත් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Read more

Local News