O/L අයඳුම්කරුවන්ට දැනුම් දීමක්

Share

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය විභාග මධ්‍යස්ථාන 4,987 ක දෙසැම්බර් මස 2 වන දින ආරම්භ වෙයි.

විභාගය දෙසැම්බර් මස 12 වන දින තෙක් පැවැත් වෙනු ඇත.

එම විභාගයට පෙනී සිටින පෞද්ගලික අයඳුම්කරුවෙන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර මේ වන විට තැපැල් කර යවා ඇත.

එම ප්‍රවේශ පත්‍ර නොලැබුණු අයඳුම්කරුවන් ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩ් අඩවිය වන www.doenets.lk හි මුල් පිටුවේ සඳහා ප්‍රවේශ පත්‍ර අයිකනය(Icon) තෝරා ඒ යටතේ නිවැරදි ජාතික හැඳුම්පත් අංකය භාවිත කිරීමෙන් ලබා ගත හැකි බව විභගා කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා නිවේදනය කරයි.

එසේ නොමැති නම් පහත දුරකථන අංක මඟින් පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව අමතා ප්‍රවේශ පත්‍රය ෆැක්ස් මඟින් ගෙන්වා ගත හැකියි.

දුරකථන අංක – 0112 78 42 08 / 0012 78 45 37/ 0113 18 38 50 / 0113 14 03 14

ෆැක්ස් අංකය – 0112 78 44 22

Read more

Local News