පාලනාධිකාරියේ තහනම් නියෝගය නොසැලකු යාපනය සරසවි සිසුන්

Share

යාපනය විශ්ව විද්‍යාල සීමාව තුළ අද (27) සහ හෙට (28) යන දිනවල අනුමැතියකින් තොරව කිසිදු ක්‍රියාකාරකමක නිරත නොවන ලෙසට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය එහි සිසුන්ට දැනුම් දී තිබියදීත් එහි සැමරුම් උත්සවයත් පවත්වා ඇති බව වාර්තා වෙයි.

යාපනය විශ්ව විද්‍යාල සිසුන් විසින් මහවිරු සැමරුම් වැඩසටහනක් අද දිනයේ විශ්වවිද්‍යාල භූමියේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවට වාර්තා වීම හේතුවෙන් පාලනාධිකාරිය මෙම දැනුම්දීම සිදුකර ඇත.

එසේ දැනුම් දී තිබිය දීත් යාපනය සරසවි සිසුන් විසින් සැමරුම් ස්මාරකය අභියස දී අද උදෑසන සැමරුමක් පවත්වා තිබේ.

ඊයේ(26) දිනයේ දී හිටපු එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ උපන්දිනය සැමරීමට ද සිසුන් පිරිසක් කටයුතු කර තිබූ බව සඳහන් විය.

Read more

Local News