නව ආණ්ඩුවේ පළමු කැබිනට් මාධ්‍ය හමුව පැවැත්වෙයි

Share

නව ආණ්ඩුවේ පළම කැබිනට් තිරීණ දැනුම් දීමේ මාධ්‍ය හමුව මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත් වෙයි.

බන්දුල ගුණවර්ධන සහ වෛද්‍ය රමේෂ් පතිරණ යන අමාත්‍යවරුන් වන රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස පත් කර තිබේ.

අද(27) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව  වාර්තා වෙයි.

ඒ අනුව නව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරුන් දෙදෙනා සහභාගී වන කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව අද පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතයි.

Read more

Local News