රෝහිතට එරෙහි නඩුව දෙසැම්බරයට කල්යයි

Share

සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 41.1 ක වත්කම් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය දෙසැම්බර් මස 18 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවේය.

එහිදී විනිසුරුවරයා නියම කළේ මෙම නඩුවේ වැඩිදුර විභාගය දෙසැම්බර් මස 18 වනදා සිදු කරන බවයි.

2004 වසරේ සිට 2006 වසර දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් සිය නීත්‍යනුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 41.1 ක් වටිනා වත්කම් හා මුදල් උපයා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව ඉකුත් රජය සමයේ මෙම නඩුව ගොනුකර තිබුණි.

Read more

Local News