Tuesday, March 19, 2024.

කටුනායක ගුවන් තොටුපලේ වැඩි දියුණු කිරීම් ඉක්මනින් අවසන් කරනවා

Share

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වැඩි දියුණු කිරීම් කටයුතු ඉතා ඉක්මනින් අවසන් කර මගී ජනතාවට කඩිනමින් සේවා සැලසීමට කටයුතු කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන හා සංචාරක සහ ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ඊයේ (28) පස්වරුවේ නිරීක්ෂණ චාරීකාවක නිරවීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ඉදිවන නව මගී පර්යන්තයන්හී ප්‍රගතිය පිළිබඳව සොයා බැලීම සඳහා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ පස්වරුවේ එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණි.

Read more

Local News