මඩකලපුවෙන් අත්බෝම්බ 24ක් ‌සොයා ගැනේ

Share

මඩකලපුව, ප්‍රදේශයේ වෙල්යායක තිබී අත්බෝම්බ 24ක් සොයාගෙන ඇත.

කොක්කටිච්චෝලයි පොලිස් වසමේ කන්චරම්කුඩාහි වෙල්යායක් අසළ තිබු අත් බෝම්බ දුටු ගොවීන් ඒ පිළිබඳව පොලීසිය දැනුවත් කර තිබේ.

පසුව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙම අත්බෝම්බ නිෂ්ක්‍රීය කර ඇත.

මෙම අත්බෝම්බ යුධ සමයේ එල්.ටී.ටී.ඊ. විසින් වල දමා ඇති බවට සැක කරයි.

කොක්කටිච්චෝල පොලීසිය මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News