නාවික හමුදා නිළධාරීන්ගේ විශේෂ පුහුණු වැඩසටහන සාර්ථකව නිමාවට

Share

නාවික හමුදාව විසින් ජාත්‍යන්තර සමුද්‍රීය නීති බලාත්මක කිරීමේ නිළධාරින් සඳහා පවත්වන ලද විශේෂ පුහුණු වැඩසටහන සාර්ථකව නිමාවට පත්ව තිබේ.

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ පාර්ශවකරුවන් වෙනුවෙන් මෙම පුහුණු වැඩසටහන ත්‍රිකුණාමලය අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ පුහුණු වැඩසටහන් යටතේ මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන අතර, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දැනුමැති ශ්‍රී ලංකා නාවික හමුදා සම්පත්දායකයින් සහ උපදේශකයින් ‍විසින් මත්ද්‍රව්‍ය හඳුනා ගැනීම, ලෝකයේ මත්ද්‍රව්‍ය හුවමාරු කිරීමේ ක්‍රම හඳුනාගැනීම හා ප්‍රවාහනය මැඩපැවැත්වීම පිළිබඳව දැනුමක් ලබා දීමට සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමට කටයුතු කරන ලදී.

මෙම පාඨමාලාව සති 02 ක කාලසීමාවක් ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථාන‍ පරිශ්‍රයේදී පැවැති අතර, ඒ සඳහා ඉන්දුනීසියානු ආරක්‍ෂක නිලධාරින් 03 දෙනෙකු, මැලේසියානු ආරක්‍ෂක නිලධාරින් 03 දෙනෙකු, පිලිපීන ආරක්‍ෂක නිලධාරින් 03 දෙනෙකු තායිලන්ත ආරක්‍ෂක නිලධාරින් 04 දෙනෙකු සහ වියට්නාම ආරක්‍ෂක නිලධාරින් 03‍ දෙනෙකු ඇතුළුව නිලධාරින් 16 දෙනෙකු හට මෙහිදී සහතික ප්‍රදානය කෙරුණි.

Read more

Local News