නීතිවිරෝධිව ඩ්‍රෝන කැමරාවක් ගුවන් ගතකළ අයෙක් අත්අංඩගුවට

Share

නුවරඑළිය මීපිලිමාන ප්‍රදේශයේදී නීත්‍යානුකුල අවසරයකින් තොරව ඩ්‍රෝන කැමරාවක් ගුවන් ගතකරමින් සිටි පුද්ගලයෙකු අත්අංඩගුවට ගෙන තිබේ.

යුද හමුදා බුද්ධි අංශය සිදුකළ දැනුම් දීමකට අනුව නුවරඑළිය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිළධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

ආරක්ෂක අමාත්‍යාංශයේ නීත්‍යානුකුල බලපත්‍රයක් හෝ සිවිල්ගුවන් සේවා අධිකාරීයේ අවසරයකින් තොරව සැකකරු විසින් ඩ්‍රෝන කැමරාව ගුවන් ගත කර ඇති බවට අනාවරණය වී තිබේ.

Read more

Local News