රංජන්ගේ නඩුව විභාගයට ගන්න දින නියම කරයි

Share

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය රංජන් රාමනායකට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ලක් එළඹෙන අප්‍රේල් 3 වන දා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පැමිණිල්ල අද (02) සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ මෘදු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

එහිදී විනිසුරු මඩුල්ල සඳහන් කළේ මෙම නඩුව අප්‍රේල් මස 3 වන දා විභාගයට ගන්නා බවයි.

ඉකුත් වසරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී බව සඳහන් කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම සඳහා එවක අක්‍රමික කාර්ය නලින් පෙරේරා මහතා විසින් පත් කරන ලද පත්කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් රංජන් රාමනායක මහතා කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බව සඳහන් කරමින් ඒ මහතාට එරෙහිව එම චෝදනා පත්‍රය නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබේ.

Read more

Local News