ආපදා තත්ත්වය හේතුවෙන් 5415ක් පීඩාවට

Share

ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 1480කට අයත් පුද්ගලයින් 5415 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

යාපනය, කිලිනොච්චිය, මුලතිව් සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලට අදත් මිලිමීටර 150ක පමණ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඊසාන දිග මෝසම සක්‍රීය වීමත් සමග මේ වනවිට දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර පළාත්වලටත් මධ්‍යම කඳුකරයටත් අධික වැසි සහිත කාලගුණික තත්ත්වයක් බලපා තිබේ.

Read more

Local News