රථවාහන තදබදය අවම කිරීම සඳහා කොළඹ නගරය ආවරණය වන පරිදි සැහැල්ලු දුම්රිය සේවාවක්

Share

කොළඹ ප්‍රධානව බස්නාහිර පළාත තුළ පවතින වාහන තදබදය අවම කිරීම සඳහා පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන්නන් 60% දක්වා වර්ධනය කිරීමට මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් සම්පාදනය කර ඇත. දැනට බස්නාහිර පළාතේ පොදු ප්‍රවාහන සේවාව භාවිතා කරන අයගේ ප්‍රතිශතය 52%කි.

රථවාහන තද බදය අවම කිරීම සඳහා කොළඹ නගරය ආවරණය වන පරිදි සැහැල්ලු දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරිමට සැලසුම් කැර ඇති අතර, එහි ශක්‍යතා අධ්‍යනයනය මේ දිනවල සිදු කරන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ උපදේශක මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය ඩිමන්ත ද සිල්වා මහතා පැවසීය.

කොම්පඤ්ඤවීදය, බම්බලපිටිය, බොරැල්ල, බණ්ඩාරානයක සම්මන්ත්‍රණ ශාලාව, ඇස්වාට්ටුව, ගාමිණි හොල් හරහා කොල්ලුපිටිය සහ කොටුව සිට එක් මාර්ගයක්ද අනෙක කොටහේන හරහා මරදාන සිට මට්ටක්කුලිය දක්වාද බම්බලපිටිය සිට කිරුලපන සහ දෙමටගොඩට දක්වාත් සැහැල්ලු දුම්රිය මාර්ග යෙදීමට සැලසුම් කර ඇති බවද හෙතෙම අනාවරණය කෙළේය. කොට්ටාව සහ කඩුවෙල දක්වා මාලඹේ සිටද කිරිබත්ගොඩ හරහා ආමර් විදියේ සිට කඩවත දක්වා තවත් මාර්ග දෙකක් ඉඳි කිරිමටද නියමිතය.

Read more

Local News