ජපුර විශ්ව විද්‍යාලයේ ලොව මවිත කළ රොබෝ තොප්පිය

Share

සුප්‍රකට ළමා චිත්‍රපට කතා මාලාවක් වන හැරී පෝටර් පැළඳ සිටින විස්මිත තොප්පිය ආකෘතියේ නව නිපැයුමක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ව්ද්‍යා පීඨයේ පරිගණක විද්‍යා අංශයේ සිසුන් විසින් නිපදවා තිබේ.

 

මෙම ජාත්‍යන්තර රොබෝටික් තරගාවලිය ඉකුත් නොවැම්බර් මස ස්පාඤ්ඤයේ මැඩ්රීඩ් නුවර පැවත්වුුණු අතර ඒ සඳහා යුරෝපය, ආසියාව සහ අමෙරිකාව නියෝජනය කරමින් පිළිගත් විශ්වවිද්‍යාල රැසක සිසුන් පිරිස් සහභාගී වී තිබේ.

මෙම තොප්පිය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කළ එම විශ්ව විද්‍යාල සිසුවෙක් කියා සිටියේ ” ‌මෙම ‌තොප්පිය මඟින් කරන්න‌ේ ඔටිසම් රෝගය වැළඳි ඇති ළමයින්ට ප්‍රතිකාරයක්. ඒ අයට සමාජය සමඟ ගැටෙන්න අවස්ථාවක් සලසා ‌දෙන්න තමයි තොප්පිය හදලා තියෙන්න‌ේ.”

Read more

Local News