අද, ‌හෙට වැස්සේ වැඩිවීමක්

Share

දිවයින අවට (ශ්‍රී ලංකාවට දකුණින්) පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් උතුරු, නැගෙනහිර, උතුරුමැද, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසිතත්ත්වය (විශේෂයෙන් දෙසැම්බර් මස 04 සහ 05 දිනවල) වැඩිවේ යැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා ද‌ෙපාර්තමේන්තුව පවසයි.

 

තවද දිවයින පුරා අහස වලාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා ද‌ෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවල ප.ව.1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මුලතිව්, නුවරඑළිය, බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 150ට වැඩි ඉතා තද වර්ෂාපතනයන් ද උතුරුමැද, සබරගමුව, දකුණු, බස්නාහිර පළාත්වල සහ මාතලේ, මහනුවර, යාපනය, මන්නාරම, කිලිනොච්චි සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.

දිවයින හරහා විශේෂයෙන්ම වයඹ, දකුණු, මධ්‍යම, ඌව සහ උතුරු මැද පලාත්වල විටින් විට හමන පැ.කි.මි 55 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දන්වා ඇත.

Read more

Local News