අමාත්‍යාංශ වාහන භාවිතයට ගන්න බෑ – දයාසිරි

Share

තමන්ගේ වාහනයට පසුපසින් හා ඉදිරියෙන් පරිවාර රථ ගමන් නොකරවන බව කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

 

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

වියදම් සීමා කිරීම වෙනුවෙන් ජනපති ගේඨාභය රාජපක්ෂ මහතා ආදර්ශ ලබා දී ඇති බවත් ඔහු ගමන් කරන අවස්ථාවේ ධාවනය වන්නේ වාහන 4ක් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් අමාත්‍යාංශය ඉදිරියේ නවීන වාහන කිහිපයක් නවතා ඇති නමුත් ඒවා භාවිතයට ගැනීමට නොහැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.

“මගේ භාවිතයටත් වාහනයක් නෑ. මම හිතනවා ජනපති ලේකම් කාර්යාලයෙන් වත් වාහනයක් ලබාදේවි කියලා”

Read more

Local News