සුඩානයේ කම්හලක පිපිරීමක්

Share

සුඩානයේ කාර්ටූම් අගනුවර සෙරමික් කම්හලක ගෑස් පිරවූ ටැංකියක් පුපුරායාමෙන් පුද්ගලයින් 23 දෙනෙක් මියගොස් තිබ‌ෙ‌න බව එරට විදෙස් වාර්තා පවසයි.

 

ඉන් 130 කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ගෑස් ටැංකිය පුපුරායාමත් සමඟින් විශාල ගින්නක්ද හටගෙන ඇති අතර තුවාල ලැබූවන්ගෙන් බහුතරය පිලිස්සුම් තුවාල සහිතව රෝහල්ගත කර තිබේ.

පිපිරීමෙන් අදාළ කම්හල මුලුමනින්ම පාහේ විනාශයට පත්ව ඇති බව වාර්තා ‌වේ.

මේ අතර තුවාල ලැබූවන්ට ප්‍රතිකාර සඳහා අවශ්‍ය රුධිරය ප්‍රදානය කරන ලෙස සුඩාන රජය ජනතාවගෙන් ඉල්ලීමක්ද කර තිබේ.

Read more

Local News