2017 නොවැම්බර් අග සිට මත්ස්‍ය අපනයනයේ සියයට 45.9ක වර්ධනයක්

Share

යුරෝපා සංගමයේ තහනම ඉවත් කිරීමෙන් පසු 2017 නොවැම්බර් අග සිට මත්ස්‍ය අපනයනයේ සියයට 45.9ක වර්ධනයක් පවතින බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සදහන් කරයි.

යුරෝපා සංගමය විසින් එම සංගමයට අයත් රටවලට මෙරට මත්සය අපනයනය සඳහා පනවා තිබු තහනම ඉවත් කරන ලද්දේ 2016 ජුනි මස 22 දිනයි.

එතෙක් 2105 ජනවාරි සිට වසර එකහමාරක කාලයක් තහනම බලපැවැත්වු අතර, එමගින් රුපියල් කෝටි 1800ක පාඩුවක් අප රටට සිදුවිය. නමුත් වර්තමාන රජය බලයට පත්වීමත් සමගම යුරෝපා සංගමය සමග කරන සාකච්ඡාවල ප්‍රතිළුලයක් වශයෙන් 2016 වසරේ ජුනි මාසයේ දී යුරෝපා සංගමය විසින් පනවා තිබු මත්සය අපනයන තහනම ඉවත් කරනු ලැබීය.

එතැන් සිට නැවතත් යුරෝපා සංගමයට අයත් රටවලට මෙරට මසුන් අපනයනය කිරීම ඇරඹුනු අතර 2017 අවසන් වන විට එහි කැපී පෙනෙන වර්ධනයක් අත්පත් කර ගැනීමට හැකි වී තිබේ.

ඒ අනුව 2017 ජනවාරි මස සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ මෙරටින් යුරෝපා සංගමයට අයත් රටවලට අපනයනය කරන ලද මසුන් ප්‍රමාණය මෙට්රිමක් ටොන් 18,262කි. එහි සමස්ත වටිනාකම රු. මි. 28,685කි. පසුගිය වසරේ අදාල කාල සීමාවට සාපේක්ෂව ගත් කළ අපනයන ප්‍රමාණය සියයට 45.9ක වර්ධනයක් පෙන්නුම් කරන අතර අපනයන ආදායමේ වර්ධනය සියයට 47.7කි. එය මේ වසරේ කැපී පෙනෙන අපනයන ආදායම් වර්ධනයක් බව නිලධාරිහු අමාත්යරවරයාට පෙන්වා දුන්හ.

Read more

Local News