මෝර වරල් සමඟ හයක් නාවික හමුදා භාරයට

Share

නාවික හමුදාව විසින් ඊ‌යේ (03) දින කල්පිටිය, කුඩාව සහ අම්මාතොට්ටම් ප්‍රදේශයන්හි සිදු කළ වැටලිම්වලදී මෝර වරල් තොගයක් සමඟ පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

 

ශ්‍රී ලංකාවට අයත් සාගර කාලපය තුල සහ රට අභ්‍යන්තරයේ සිදු වන ජාවාරම් කටයුතු මැඩපැවැත්විම වෙනුවෙන් නාවික හමුදාව ක්‍රියාත්මක කර ඇති මෙහෙයුමක් අතරතුරදී කල්පිටිය, කුඩාව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මාර්ගයේ ගමන් කරමින් තිබු සැක කටයුතු ලොරියක් නිරික්‍ෂණය කර එය පරික්‍ෂාවට ලක් කර ඇත.

එහිදී ලොරි රථය තුල තිබී මෝර වරල් සහිත උර 15 ක් සොයා ගැනීමට සමත්ව තිබේ.

මෙම මෝර වරල් තොගය සම්බන්ධයෙන් ලොරි රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින්ගේ කරුණු විමසීමේදී ‍කල්පිටිය, අම්මාතොට්ටම් ප්‍රදේශයේ තවත් මෝර වරල් තොගයක් සඟවා ඇති බවට කරුණු අනාවරණය කරගෙන ඇත.

එහිදී ද උර 15 ක අසුරා තිබු මෝර වරල් තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත. ඒ අනුව, උර 30 ක තිබි මෝර වරල් කිලෝග්‍රෑම් 1649 ක්  සොයා ගැනීමට සමත් විය.

එහිදී මෝර වරල් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථය සහ එහි සිටි සැකකරුවන් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇති අතර, එම සැකකරුවන් අවුරුදු 29, 36, 39 සහ 43 වන වියෙහි පසුවන කල්පිටිය සහ මුරුක්කන් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ.

නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින්මෝර වරල් සහ ලොරිය ඉදිරි නීතීමය කටයුතු සඳහා කල්පිටියපොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

Read more

Local News