විමර්ශන ආයතනවලට ස්වාධීනව කටයතු කරන්න රජය ඉඩ දිය යුතුයි

Share

පොලීසිය ඇතුළු විමර්ශන ආයතනවලට ස්වාධීනව කටයතු කිරීමට රජය ඉඩ ලබාදිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

 

ජාතික ජන බලවේගය ඊයේ (04) බත්තරමුල්ල ප්‍රදේශයේ දී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලයේ අපරාධ බොහෝමයක් සිදුව ඇති බවත්, බැඳුම්කර වංචාව ඇතුළු අමාත්‍යාංශ වංචා ගණනාවක් ඒ අතර වෙන බවත් ඒ මහතා කියා සිටියේය.

ඒ වංචා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය යුතු බවත් පැවසු ඒ මහතා, මේ මොහොතේ වත්මන් ආණ්ඩුව විසින් රහස් පොලීසියේ හෝ වෙනත් කණ්ඩායමක් නම් කර ඒ සම්බන්ධයෙන් වන පරීක්ෂණ සිදු කරන ලෙස පැවසුවහොත් ඔවුන් මෙම පරීක්ෂණය කරන්නේ කෙසේ දැයි කල්පනා කරයි යනුවෙන් ද පැවසීය.

Read more

Local News