මාර්තු 12 ව්‍යාපාර‌යෙන් ජනපතිට ඇගයීමක්

Share

ධුරයට පත්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් මෙතෙක් ගනු ලැබූ ක්‍රියාමාර්ග අගය කළ හැකි බව මාර්තු 12 ව්‍යාපාරය පවසයි.

 

කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

“ධුරයට පත්වීමෙන් අනතුරුව මේ දක්වා ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ග කිහිපයක් මාර්තු 12 ව්‍යාපාරයේ ඇගයීමට ලක් වෙනවා. විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලය 16ක් දක්වා අඩු කිරීම, මෑත ඉතිහාසයේ කිසිවෙක් නොකරපු දෙයක්.

දේශපාලකයෙක් නොවන කෙනෙක් රාජ්‍ය නායකයා බවට පත් වීම හරහා මේ තත්ත්වය ඇති වුණා කියලයි අපි විශ්වාස කරන්නේ. ඒ පිළිබඳව අපි සුභවාදී බලාපොරොත්තු තියාගෙන ඉන්නවා.”

Read more

Local News