සහරාන් සමඟ සම්බන්ධතා පැවැත්වු 64 දෙනෙක් යළි රිමාන්ඩ්

Share

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ජාතික තව්හිිද් ජමාත් සංවිධානය සමඟ සම්බන්ධතා ඇති බවට සැකපිට අත්අඩංගුවට ගත් 64 දෙනෙකු එළඹෙන 19 දා දක්වා රක්ෂිත බන්ධනාගත කිරීම දීර්ඝ කර තිබේ.

 

මෙම සැකකරුවන් අද (05) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී.රිස්වාන් මහතා මෙම නියෝග ලබා දී තිබේ.

නුවරඑලියේ ඇති ජාතික තව්හිිද් ජමාත් මුලස්ථානයේ ආයුධ පුහුණු ලබාගත් බවට සැකපිට මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

Read more

Local News