උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයට තවදුරටත් බාධා

Share

උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව සහ බණ්ඩාරවෙළ අතර දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා එල්ල වී ඇති බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සදහන් කළේය.

 

මේ හේතුවෙන් කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රිය දියතලාව දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වන අතර බදුල්ලේ සිට ධාවනය වන දුම්රිය බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කෙරෙයි.

දියතාලව සහ බණ්ඩාරවෙල අතර මගීන් ප්‍රවාහන කටයුතු සඳහා බස් රථ යොදා ඇති බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read more

Local News