ඇමෙරිකාව වෙනුවෙන් හිටපු ආණ්ඩුව කියපු සුන්දර වදන්

Share

අමෙරිකානු ආරක්ෂක උගුලෙන් ගැලවීමට ජාතිවාදය පමණක් ප්‍රමාණවත් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.

 

කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ පැවසීය.

“ඇමෙරිකාව වෙනුවෙන් හිටපු ආණ්ඩුව කියපු  සුන්දර වදන් කොතරම් සත්‍යද?

එම් සී සී ගිවිසුම හරහා ඩොලර් මිලියන 480ක් අපිට දෙන්න තියෙන අවශ්‍යතාවය මොකක්ද?

මේ උපාය මාර්ගය හා ඒ ඇතුලේ තියෙන හැම දෙයක්ම ආයේ වෙන වෙනම තේරුම් ගන්නත් ඕනේ.

අපි බිල්ලෝ මවලා දේශපාලනය කළ යුතු නෑ. අපි සත්‍ය වෙත කරුණු මඟින් ළඟා විය යුතුයි.

එම් සී සී ගිවිසුම සම්බන්ධව ස්වෛරීත්වය පිළිබඳ පුළුල් අදහසකින් බලන්න ඕනේ.

මේක සරළ ඇමරිකානු විරෝධයක් නෙවෙයි. අමෙරිකානු පුද්ගල විරෝධයක් නෙවෙයි. ජාතිවාදය නෙවෙයි”

Read more

Local News