විපක්ෂනායක සජිත් ලෙස කරු පිළිගනියි

Share

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් ගනු ලැබූ තීරණය පරිදි විපක්ෂනායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පත්කරන ලෙස ඉල්ලා සිටිමින් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කිරියවසම් මහතා මගින් කථානායක වෙත යොමු කරන නිර්දේශය කථානායකවරයා පිළිගත් බව කථානායක මාධ්‍ය ඒකකය පවසියි.

 

ළැඹෙන ජනවාරි 03 වන දින පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කර ජනාධිපතිවරයාගේ රාජාසන කථාව ඉදිරිපත් කිරීමෙන් පසුව එදින පස්වරු 01.00 ට නැවතත් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එහිදී විපක්ෂනායක ධුරය පිළිබඳ නිල නිවේදනය ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවද කථානායක මාධ්‍ය අංශය පවසයි.

රාජාසන කථාවෙන් පසුව ජනවාරි 03 දින පස්වරු 01.00 ට යළි පාර්ලිමේන්තුව රැස්වීම සඳහා අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා යන අය අතර පැවති සාකච්ඡාවේ දී එකඟතාවය පළවී තිබේ.

Read more

Local News