හෙරොයින් සමඟ කළු සාගරගේ සහායකයෙක් නවගමුවේ දී මාට්ටු

Share

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ මෙහෙයවීමෙන් හෙරොයින් ජාවාරමක් සිදුකළ පුද්ගලයෙකු නවගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

 

සංවිධානාත්මක අපරාධ සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින චමින්ද රෝහණ මංජු නොහොත් කළු සාගර නැමැත්තාගේ සහයකයෙකු ‌මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත.

සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව කොලොන්නාව ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර ඇති අයෙකු බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 643ක් සොයාගෙන ඇති අතර සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී ඇත.

Read more

Local News