මොණරාගල රක්ෂිතයක නිධන් ‌සොයා කැණීම් කළ අයෙක් අත්අඩංගුවට

Share

මොණරාගල, සුදුවතුරආර රක්ෂිතයේ නිධන් වස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

බුත්තල පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට ලද තොරුතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති බව වාර්තා වෙයි.

වැටලීම සිදු කරන අවස්ථාවේදී නිධන් හැරීමට යොදාගත් උදලු, සවල් ඇතුළු උපකරණ තොගයක්ද පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් එහිදි අත්අඩංගුවට ගෙන ඇත.

Read more

Local News