Tuesday, March 19, 2024.

රට ගොඩ දැමීම අභියෝගයක් නොවන බව අමරවීර කියයි

Share

බෙලිඅත්ත සිට හම්බන්තොට දක්වා වු දුම්රිය මාර්ගයේ වැඩකටයුතු ලබන වසරේදී ආරම්භ කරන බව මගී ප්‍රවාහන කළමණාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

 

වීරකැටියේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පවසා සිටියේ, තමා සිටිය වැටෙන්න ගිය  හා වහන්න ගිය සියලූම ආයතන ලාබදායි මට්ටමකට ගෙන ආ බවයි.

ලංකා ඉතිහාසයේ වැඩිම වී අස්වැන්න තමා සිටි කන්නයේ දී බවත් පැවසු අමාත්‍යවරයා, පුරන් කුඹුරු අක්කර 38,000 ක් වගා කළ බවත් පැවසීය.

නාස්ති වීම වළක්වා ගන්නේ නම් රට ගොඩ දැමීම අභියෝගයක් නොවන බවත් පැවසු ඒ මහතා, දුම්රිය දෙපාර්තමේන්තුවේ පාඩුව කියා ගත නොහැකි තරම් බවත් කියා සිටියේය.

අද ඒ තත්ත්වයෙන් ඉදිරියට එම ආයතන ගෙන ආ යුතු බවත් පැවසු අමරවීර මහතා, ලබන වසරේ සිට බෙලිඅත්තේ සිට හම්බන්තොටට නව දුම්රිය මාර්ගයක් ආරම්භ කිරීමට අවශ්‍ය වැඩ ආරම්භ කරන බවත් පැවසීය.

ජනතාව පොදු ප්‍රවාහන තත්ත්වයෙන් යන ආකාරයට රට නිර්මාණය කරන බවත් පැවසු අමාත්‍යවරයා, සුඛෝපභෝගී බස් සේවාවන් ආරම්භ කරන බවත්, වායු සමීකරණය කරන ලද දුම්රිය ආරම්භ කිරීම තුළින් මධ්‍යම පාන්තික වැඩි ආදායම් ඇති අය කෝච්චියේ යන තත්ත්වයට ඉදිරියේ දී රට පත් කරන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

Read more

Local News