කාර්යක්ෂම, විධිමත් රාජ්‍ය සේවයකට කැපවන්නැයි ජනපති නව අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් ඉල්ලයි

Share

ආකල්පමය වෙනසක් තුළින් කාර්යක්ෂම සහ විධිමත් රාජ්‍ය සේවයකට කැපවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නව රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.

 

රාජ්‍ය අමාත්‍යාංශ සදහා පත් කෙරුණු නව ලේකම්වරුන් තිස් දෙදෙනෙකු ඊයේ (09) ජනාධිපති කාර්යාලයේ දී සියපත්වීම් ලිපි ලබාගත්තා.

එහිදී ඔවුන් ඇමතූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ රාජ්‍ය සේවය විධිමත්ව සහ කාර්යක්ෂමව ඉදිරියට පත්වාගෙන යාමේ දී නවීන තාක්ෂණය උපරිමයෙන් භාවිත කළ යුතු බවයි.

රාජ්‍ය සේවකයන්ට පුහුණු අවස්ථා විවෘත කරදීමට කටයුතු කරන බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

අමාත්‍යාංශ මට්ටමින් නිසි ලෙස වගකීම් ඉටු කර වත්මන් රජය කෙරෙහි ජනතාව තැබු අපේක්ෂා සපුරාලීමට සියලු දෙනා වගකීමෙන් ක්‍රියා කරනු ඇතැයි ද ජනාධිපතිවරයා එහිදි විශ්වාසය පල කර තිබේ.

Read more

Local News