ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය CIDයෙන් පිටවෙයි

Share

තමා පැහැරගැනීමට ලක්වූ බවට චෝදනා කළ ස්විට්සර්ලන්තතානාපති කාර්යාලයේ නිලධාරිනිය තෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබාදී තිබේ.

 

ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නමැති අදාළ කාන්තාව අද පෙරවරු 9.00ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර මීට ටික වේලාවකට පෙර ඇය සිය ප්‍රකාශය ලබා දීම අවසන් කර ඇති බව අප වාර්තාකරු සදහන් කළේය.

ඒ අනුව අද දිනයේ ද එම කාන්තාවගෙන් පැය 04කට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

පළමු වරට පසුගිය 08 වනදා එම නිලධාරිනියගෙන් ප්‍රකාශසටහන් කර ගැනුනු අතර ඊයේ දිනයේ දි දෙවන දිනටත් ඇයගෙන් පැය 5කට අධික කාලයක් ප්‍රශ්නකර ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් කටයුතු කරතිබුණි

Read more

Local News