සංවර්ධන බැංකු සහ ණය යෝජනා පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් වැඩ අරඹයි

Share

සංවර්ධන බැංකු සහ ණය යෝජනා පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඩී.ඩී. මාතරආරච්චි මහතා අද (10) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේ දී වැඩ භාර ගත්තේය.

 

දශක තුනකට ආසන්න කාලයක් රජයේ විවිධ මට්ටමේ තනතුරු හෙබ වූ ඒ මහතා ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි.

1994 වසරේ දී රාජ්‍ය සේවයකට එක් වූ මාතරආරච්චි මහතා වසර 15කට අධික කාලයක් මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, අධ්‍යක්ෂ ඇතුළු ඉහළ තනතුරු රැසක් හොබවා තිබේ.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ඔහු කොළඹ විශ්ව විද්‍යාලයෙන් භෞතීය විද්‍යාව පිළිබඳ උපාධිය ද, පරිගණක විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය ද ලබා ගෙන තිබේ.

සංවර්ධන බැංකු සහ ණය යෝජනා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, භාණ්ඩාගාරයේ ලේකම්, එස්. ආර්. ආටිගල, අතිරේක ලේකම් එච්.ජී. සුමනසිංහ යන මහත්වරු ඇතුළු භාණ්ඩාගාර නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Read more

Local News