කාන්තා හා ළමා කටයුතු සක්‍රිය කිරිමට නවමු වැඩසටහනක් අවශ්‍යයි – පවිත්‍ර

Share

කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය යටතේ පවතින සියලු අංශ ඒකාබද්ධව ජනතාවට නිසි ප්‍රතිලාභ ලබාදීමේ නවමු වැඩසටහනක් අවශ්‍ය බව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා , කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.

 

සමාජ අරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතන, දෙපාර්තමේන්තු, අංශ හදුනාගැනීම හා ප්‍රගති සමාලෝචන රැස්විමට  එක්වෙමින් අමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.

මෙහිදී “තිරසර සංවර්ධනයකට දායකවන අයිතිවාසිකම් තහවුරු වූ කාන්තා සහ ළමා ප්‍රජාවකින් සමන්විත ශක්තිමත් ජාතියක්” යන දැක්ම යටතේ ක්‍රියාත්මක කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන හා හඳුනාගැනීමේ රැස්වීමක් ද පැවැති අතර, එහිදී එම අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තු සහ අංශයන්හි ක්‍රියාකාරීත්වය සොයා බලන ලදි.

ඒ අනුව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ යටතේ 2019 වසරේ සංවර්ධන අංශය, ළමා ලේකම් කාර්යාලය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය, මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතිය,ජාතික කාන්තා කමිටුව, ළමයින් සදහා වූ සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ ප්‍රධාන සංවර්ධන වැඩසටහන්, සංවර්ධන වැඩසටහන් හී ක්‍රියාත්මක ප්‍රගතිය පිළිබදව කරුණු සාකච්ඡා කරන ලදි.

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය පවසා සිටියේ ජනතාවගෙන් නව රජයට ලැබුන ජනවරමත් සමග ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති නවමු ආකාරයකින් ක්‍රියාත්මක විය යුතු බවයි. මෙහිදී ළමා හා කාන්තා ආරක්ෂණ කටයුතු වලට අදාලව ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය වන “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්තියේ ඇතුලත් කරුණු කෙරෙහි දැඩි අවධානය යොමු කිරිමේ වැදගත්කම ද එහි අරමුණු වෙනුවෙන් අමාත්‍යාංශයේ කටයුතු මෙහෙයවිමේ වැදගත්කම ද පෙන්වා දෙන ලදි.

කාන්තා හා ළමා කටයුතු හා සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති සියලු  අංශ එකට ඒකාබද්ධව ජනතාවට නිසි ප්‍රතිලාභ ලබාදිම සදහා සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත්, කාන්තාවන්, දරුවන් වැඩිහිටියන් පිළිබද නිසි දැක්මක් යටතේ ආරක්ෂිත ක්‍රමවේදයන්හි අවශ්‍යතාවය සහ ළමා, කාන්තා, වැඩිහිටියන් පිළිබඳ  නිසි තොරතුරු සංගණනයක අවශ්‍යතාවය ද පෙන්වා දෙන ලදි.

Read more

Local News