ජනපති සමාව ලැබූ ජූඩ් ශ්‍රමන්තගේ විදෙස් ගමන් තහනම දීගු කරයි – ඔහු මේ වන විටත් විදේශයක

Share

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනපති සමාව ලබාදුන් රෝයල් පාක් ඝාතනයේ වරදකරුව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ ජූඩ් ශ්‍රමන්ත ජයමහ මේ වන විට රටින් පිටව ගොස් ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දැන්වීය.

 

ජූඩ් ශ්‍රමන්තට ලබාදුන් ජනපති සමාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් සළකා බැලීම අද (10දා) විභාගයට ගත් අවස්ථාවේදී ඒ බව අධිකරණයට දැනුම් දුන්නේය.

කෙසේ වෙතත් ඔහුට එරෙහිව පනවා තිබූ විදේශ ගමන් තහනම ලබන වසරේ ජුනි 01 දා තෙක් දීර්ඝ කිරීමටත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

Read more

Local News