වව්නියාවේ දැඩි ඩෙංගු අවදානමක්

Share

පැවති වැසි සහිත කාලගුණයත් සමග වව්නියාව දිස්ත්‍රික්කයේ දැඩි ඩෙංගු අවදානමක් පවතින අතර මේ වසරේ පමණක් ඩෙංගු රොගීන් 500 කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බවට වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පවසති.

 

මේ දිනවල වව්නියාවේ නගරයේ පිහිටි නිවාස හා ගෙවතු පරික්ෂා කිරිම්හි නිරත වන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් මේ බව කියා සිටි අතර මේ වන විටත් නිවාස හා ගෙවතු 700කට අධික ප්‍රමාණයක් පරික්ෂා කොට ඇති අතර ඉන් ඩෙංගු බෝවන ස්ථාන පවත්වාගෙන ගිය 10 දෙනෙකුට නීතිමය පියවර ගෙන ඇති බවටද වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වැඩිදුරටත් පවසති.

ගෙවි  ගිය මාස කිහිපය තුළදී පමණක් ඩෙංගු රෝගීන් 300කට අධික ප්‍රමාණයක් වාර්තා  වීම හේතුවෙන් මේ වන විටත් වව්නියාවේ රෝහල් වාට්ටු පිරි  පවතින බවද වාර්තා වෙයි.

මේ හේතුව නිසාම වව්නියාවේ ඩෙංගු කීටයින් බෝවිය හැකි ස්ථාන සොයා ඒවා විනාශ කිරිමේ මෙහෙයුමක් ආරම්භ කොට ඇති අතරම ඩෙංගු බෝවන ස්ථාන පවත්වාගෙන යන්නවුන්ට පළමුව අවවාද කොට එය පැහැරහරින්නවූන්ට උපරිම නීතිය ක්‍රියාත්මක කිරිමටද වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පියවර ගෙන ඇත.

Read more

Local News