ඩෙංගු රෝගය මර්දනය කිරීමට නව ක්‍රමවේදයක්

Share

ඩෙංගු රෝගය මර්දනය කිරීමේ නව ක්‍රමවේදයක් හදුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

 

එම ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සදහන් කළේ “වොල්බැකියා“ නම් බැක්ටීරියාවක් ඒ සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇති බවයි.

ඒ අනුව ලබන පෙබරවාරි මාසයේ දී නියමු ව්‍යාපෘතියක්ලෙස එම කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

මෙම ක්‍රමවේදය ලෝකයේ රටවල් කිහිපයක ද සාර්ථක ලෙස අත්හදා බලා ඇති අතර ඒ හරහා මෙරට ඩෙංගු රෝගය මර්දනය කිරීමේ හැකියාව ලැබෙනු ඇති බව වෛද්‍ය අරුණ ජයසේකර මහතා සදහන් කළේය.

Read more

Local News