ජනාධිපතිවරණයට පෙර එකඟ වූ දෙයක් ගැන දයාසිරි කියයි

Share

ජනාධිපතිවරණයට පෙර එකඟ වූ පරිදි ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ ලාංඡනය ලෙස පුටුව ලකුණින් ඉදිරි මහමැතිවරණයට තරග කරනු ඇතැයි විශ්වාස කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

 

ඊයේ(11) පස්වරුවේ පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් පලකරමින් මහලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් 5ක ආසන සංවිධායකවරුන් පිරිසකගේ හමුවක් ඊයේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණි.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ පසුගිය ජනාධිපතිවණයේදී සහයෝගය දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ට ස්තූතිය පළ කිරීමට සහ නිදහස් පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කළ බවයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් සමඟද, ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව නිදහස් පක්ෂ මහලේකම්වරයා සඳහන් කළේය.

මහ මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරග කළ යුතු ආකාරය පිළිබඳ තවමත් සාකච්ඡා කර ගෙන යමින් තිබෙන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News