රටට ඇති වීමට යන කළු පැල්ලම මොකක්ද ?

Share

ආන්දෝලනයට තුඩු දී ඇති ස්විස් තානාපති කාර්යාලයේ සේවය කරන මෙරට නිලධාරිනිය සම්බන්ධයෙන් වූ සිද්ධියේ සත්‍ය සොයා බලා වාර්තා කිරීම, ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ වගකීමක් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

 

බණ්ඩාරගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පලකරමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, මෙම සිදුවීමෙන් අපකීර්තියට පත් වන්නේ ආණ්ඩුව හෝ ජනාධිපතිවරයා පමණක් නොව රට බවයි.

රටට ඇඟිලි ගැසීමට බලා සිටින ඇමෙරිකාව ඇතුළු සෙසු රාජ්‍යයන්ට මෙවැනි සිදුවීම් තුළින් එවැනි දෙයකට අවස්ථාව සලසා දෙන බවද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

එනිසා රජයේ වගකීම වන්නේ මෙය සිදුවුයේ කෙසේ ද යන්න සියලු දේ රටට හා ලෝකයට හෙළි කිරීම බවද පැවසු ඒ මහතා, ජනාධිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් පවත්වා රටට ඇති වීමට යන කළු පැල්ලම මකා දමන වගකීම ඉටු කරනු ඇතැයි විශ්වාස කරන බවද පැවසීය.

Read more

Local News