වේග‌ෙ‌න් ආ ත්‍රිරෝද රථ දෙකක් මුහුණට මුහුණලා ගැටී අනතුරක්

Share

අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථ දෙකක් මුහුණට මුහුණලා ගැටිමෙන් ත්‍රිරෝද රථ දෙකේම ගමන් ගත් රියදුරන් දෙදෙනා තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පැවසිය.

 

අද (12) දින උදැසන 09.30ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ හැටන් අලුත්ගම ප්‍රදේශයේදි.

දික්ඔය සාංචිමලේ සිට හැටන් දක්වා ධාවනය වු ලංගම බස් රථයක් පිටුපස හැටන් දික්ඔය සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් ලංගම බස් රථය අපරික්ෂාකාරි ලෙස ඉස්සර කර යාමට උත්සහ කිරිමේදි
හැටන් සිට නොර්වුඩ් දක්වා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වු ත්‍රිරෝද රථයේ මුහුණට මුහුණලා ගැටි මෙම අනතුර සිදු වි ඇති බවයි හැටන් පොලිසිය කියා සිටියේ.

අනතුරෙන් ත්‍රිරෝද රථ දෙකටද දැඩි අලාභ හානි සිදු වි තිබුණි.

අනතුර හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බාධා පැමිණ තිබුණි.

Read more

Local News