පාස්කු ප්‍රහාරය විම්රශනයට පොලිස් නිලධාරීන් පිරිසක් ජනපති කොමිසම කැඳවයි

Share

පාස්කු ඉරුදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය සිදු කරන ජනාධිපති කොමිෂන් සභාව වෙත අද (12) දිනයේ පොලිස් නිලධාරින් පිරිසක් කැඳවා ඇත.

 

එම කොමිෂන් සභාව සඳහන් කළේ අද පස්වරු 02.00කට එම පොලිස් නිලධාරින්ගෙන් සාක්ෂි ලබා ගැනීම ආරම්භ කරන බවයි.

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ප්‍රධානපොලිස් පරික්ෂක එල්.එච්. මහින්ද කරුණාරත්න මහතා, මෝදර පොලිස් ස්ථානයේ පොලිස්පරික්ෂක ජි.සි ජනක කුමාර මහතා සහ කොටහේන පොලිස් ස්ථානයේ පොලිස් පරික්ෂක සිරිසේන අබේසිංහ මහතා මෙලෙස කොමිසම වෙත කැඳවා ඇතිබව සඳහන්.

ඊට අමතරව වාරියපොල පොලිස් ස්ථානයේ උප පොලිස් පරික්ෂක ලහිරු ප්‍රදීප් උදයංග මහතා සහ පරසන්ගස්වැව පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල් නලීන් බණ්ඩාර මහතා ද අද දිනයේ සාක්ෂි සඳහා ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව වෙත කැඳවා ඇත.

Read more

Local News