නෝටන්බ්‍රිජ්හි නිවසකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගනී

Share

නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේ නිවසක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් පොලිස් බාරයට ගත් බව නෝටන්බ්‍රිජ් පොලීසිය පවසයි.

 

ගිනිගත්හේන දියගල හරහා මස්කෙළිය ප්‍රධාන මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු භාරව සිටි සේවක පිරිසක් කුලී පදනම මත ලබා ගත් නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේ නිවසක කාමරයක් මත එම පුපුරණ ද්‍රව්‍යය තිබු බවයි නෝටන්බ්‍රිජ් පොලීසිය කියා සිටියේ.

එම නිවසේ කාමරයේ මත තිබී විදුලි නොවන ඩෙටනේටර් 21, සෙවානුල්මිටර් 70ක්,වෙඩි බෙහෙත් ග්‍රැම් 70ක්, ඇමොනියම් කුඩු කිලෝ 2යි ග්‍රැම් 100 ක්, ග්‍රෙනේට් කූරු කිහිපයක් පොලිස් බාරයට ගෙන ඇත.

මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු වල නියැලි සිටි සේවක පිරිස් මාර්ගය ප්‍රතිසංස්කරණ කිරීමේ කොන්ත්‍රාත්තුව අවසන් කර කුලී පදනම මත ලබාගෙන තිබු කාමරය නිවසේ අයිතිකරුට භාර දී ඔහුන් පිටව යාමෙන් පසු නිවසේ අයිතිකරු කාමරය සුද්ද පවිත්‍ර කිරිමේදී මෙම පුපුරණ ද්‍රව්‍යය තොගය දැක ඒ පිළිබදව නෝටන්බ්‍රිජ් පොලීසියට දැනුම් දී ඇත.

එ අනුව පොලීසිය විසින් පුපුරණ ද්‍රව්‍යය තොගය පොලිස් බාරයට ගෙන ඇති අතර, මෙම පුපුරණ ද්‍රව්‍යය එම නිවසේ කුලී පදනම මත තාවකාලිකව රැඳී සිටි මාර්ග නඩත්තු සේවකයන් විසින් අමතක වීමකින් දමා යන්නට ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන නෝටන්බ්‍රිජ් පොලීසිය සැක කරයි.

Read more

Local News