ජනපතිගේ ජයග්‍රහණයට ශ්‍රීලනීපය විශාල ශක්තියක් වුවා

Share

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශාල ශක්තියක් වූ බවත් එම සහාය නොලැබුණානම් ජයග්‍රහණය පහසු නොවන බවත් අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

 

ඌව පරණගම මස්පැන්න ප්‍රදේශයේදී උත්සවයකට එකවෙමින්  ඔහු මෙම අදහස් දැක්වීය.

“මම ප්‍රසිද්ධියේම කිවුවා අපි ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය විදිහට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහයෝගය දෙන්න ඕන කියලා.ඒ නිසාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂයක් විදිහට තීරණය කළා ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහාය දිය යුතුයි කියලා.

ඒ සහායත් එක්ක එතුමාගේ ජයග්‍රහණයට විශාල ශක්තියක් වුණා.අපි එහෙම සහාය දුන්නේ නැත්නම් ලක්ෂ හතක් අටක් අඩු වුණා නම් ජයග්‍රහණය ලේසි වෙන්නේ නැහැ. කවුරු මොනවා කිවුවත් යථාර්ථය ඒකයි .අපි එතුමාගේ ජයග්‍රහණයට මුලික වශයෙන් දායක වුණු අයයි.”

Read more

Local News