Tuesday, March 19, 2024.

තැපැල් සේවය පුද්ගලීකරණය කරන්නේ නෑ

Share

නව රජය කිසිවිටෙකත් තැපැල් සේවය පුද්ගලීකරණය නොකරන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

 

ඔහු මේ බව සඳහන් කළේ මරදාන ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන අමාත්‍යධුරයේ අද පෙරවරුවේ වැඩ භාරගනු ලැබුවේය.

ඒ මරදානේ පිහිටි තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේදී.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මහින්ද චින්තන වැඩපිළිවෙලම වැඩ කරන රටක් යන තේමාව යටතේ ඉදිරියට ගමන් කරන බවයි.

එහි කිසිදු ලෙසක පුද්ගලීකරණය යන්න අඩංගු නැති බවත් බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය අද්‍යතන ලෝකයේ ඇති දියුණු තාක්ෂණය යටතේ තැපැල් සේවා හා අනෙකුත් පහසුකම් සපයන, පාඩු නොලබන කේන්ද්‍රීය රාජ්‍ය ආයතනයක් ලෙස සංවර්ධනය කිරීමට කටයුතු කරන බවත් එම අවස්ථාවේදී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read more

Local News