ආසියාන් සංවිධානයට අයත් රටවල තානාපතිවරු හා ජනපති අතර හමුවක්

Share

අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ රටවල (ආසියාන්) තානාපතිවරු කණ්ඩායමක් ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වී ඇත.

 

තායිලන්තය, ඉන්දුනීසියාව, මියන්මාරය, වියට්නාමය, මැලේසියාව යන රටවල තානාපතිවරු සහ කොන්සල්වරු  හමුවට එක්ව සිටී අතර ඔවුන්ගේ සුභාශීංසන පළමුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පළ කෙරිණි.

ශ්‍රී ලංකාව  සහ සිය රටවල් අතර සබඳතා වර්ධනය කර ගැනිම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර, ඒ වෙනුවෙන් පූර්ණ කැපවීමෙන් කටයුතු කරන බවට තානාපතිවරු ජනපති හමුවේ සහතික වූහ.

එමෙන්ම කලාපීය සහයෝගිතාව ඉහළ නංවමින් ඉදිරි අභියෝග ජය ගැනිමට එක්ව කටයුතු කිරීම පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

Read more

Local News