සුදු වෑන් සිද්ධියට අදාළ දෙදෙනා අද අධිකරණයට

Share

සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වීම පිළිබඳ අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා අද (16) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

 

මෙම සිද්ධියට අදාළව ඇන්තනී ඩග්ලස් ප්‍රනාන්දු සහ අතුල සංජීව මදනායක නැමැති සැකකරුවන් දෙදෙනා පසුගියදා කඩවත, මහර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේය.

අනතුරුව මොවුන් පැය 72ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.

ඒ අනුව මෙම සැකකරුවන් අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමඟ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සුදු වෑන් විසින් පුද්ගලයින් පැහැර ගැනීම පිළිබඳ මොවුන්ගෙන් එක් අයෙකු ප්‍රකාශයක් සිදුකළේය.

මෙම මාධ්‍ය හමුවේදී මොවුන් මනුෂ්‍ය ඝාතන, අතුරුදන් කිරීම්, පැහැර ගැනීම් සහ සොරකම් කිරීම් ඇතුළු සිද්ධීන් රැසක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කළේය.

Read more

Local News