අයිස්, හෙරොයින් සමඟ 2ක් අත්අඩංගුවට

Share

අයිස් සහ හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙ‍නෙකු ගොතටුව, මානික්කමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාශයේ නිළධාරීන් සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300කට අධික තොගයක් සහ හෙරොයින් ග්‍රෑම් 05කට අධික තොගයක් ද පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගෙන තිබේ.

මේ අතර සැකකරුවන් සතුව තිබී රුපියල් ලක්ෂ 03ක මුදලක් සහ විදෙස් මුදල් තොගයක්ද සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසීය.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා ගොතටුව පොලිසිය වෙත භාරදී තිබේ.

Read more

Local News