බස් රථයකට යට වී කතක් මරුට

Share

ඊයේ (15) සවස උඩුගම බස්නැවතුම්පොලේ රැදී සිටි කාන්තාවක් බස් රථයකට යට වී මියගොස් ඇතැයි උඩුගම පොලීසිය පවසයි.

 

මෙසේ මියගොස් ඇත්තේ හිනිදුම බෝධිකන්ද ප්‍රදේශයේ ජීවිත් වු එච්.ජී.ප්‍රියංගා ප්‍රියදර්ශනී නැමති 40 වියැති පස්දරු මවකි.

ඇය තම දරුවා උපකාරක පන්තියකට ඇරලවා නැවත නිවස බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

අනතුරින් බරපතළ තුවාල ලැබු ඇය උඩුගම මුලික රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් තිබේ.

බස් රථය පැදවු රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් උඩුගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Read more

Local News