පුරවැසි පනතට එරෙහිව ඉන්දියාවේ විරෝධතා උත්සන්න වෙයි – 6ක් මරුට

Share

පුරවැසි පනතට එරෙහිව ඉන්දියාව පුරා පැවැත්වෙන විරෝධතා මේ වන විට උත්සන්නවී ඇති බව විදෙස් වාර්තා පවසයි.

 

එහිදී විරෝධතාකරුවන් බස් රථ කිහිපයකටත් ගිනිතබා ඇතැයි ද විදෙස් වාර්තා සඳහන් කළේය.

මෙම විරෝධතා හේතුවෙන් සිදු වූ මරණ 6 දක්වා ඉහළ ගොස් තිබූ අතර පොලිස් වෙඩි පහරින් සිව් දෙනෙකු මරණයට පත්ව ඇති බව ද වාර්තා වේ.

විරෝධතා හමුවේ ඊසානදිග ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලට පැනවූ අන්තර්ජාල තහනම සහ ඇඳිරි නීතිය තවදුරටත් බලපැවැත්වෙන බවද බලධාරීන් සඳහන් කළේය.‍

පාකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය යන මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවලදී හිංසනයට ලක්වී පලා ආ හින්දු, බෞද්ධ, කිතුණු, සික් වැනි සුළුතර ජන කොට්ඨාසවලට අයත් පුද්ගලයන්ට පුරවැසිභාවය පිරිනැමීම සඳහා ඉන්දීය මධ්‍යම රජය විසින් පනතක් සම්මත කරගත්තේය.

Read more

Local News