කළුතර ප්‍රදේශ කීපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි

Share

විදුලි බල මණ්ඩලේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කෙත්හේන ජලපවිත්‍රාගාරයෙන් ජලය සැපයෙන ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

 

ඒ අනුව හෙට(17)  උදෑසන 8 සිට රාත්‍රී 7.30 දක්වා පැය 11 හමාරක කාලයක් මෙම ජල කප්පාදුව සිදුවනු ඇත.

වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද, නාගොඩ, පයාගල, පිලමිනාවත්ත, බෝම්බුවල,මග්ගොන, බේරුවල, කළුවාමෝදර, මොරගල්ල, අළුත්ගම, දර්ගානගරය සහ බෙන්තොට යන ප්‍රදේශවල අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇති.

Read more

Local News