සියලු දෙනාට ඇමතිලා වෙන්න බෑ – වාසු

Share

ජලසම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍යධුරය කැබ්නට් අමාත්‍යධුරයට වඩා බලසම්පන්න බව රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

 

කලවාන ප්‍රදේශයේ ඊයේ(15) පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, තමාගෙන් කවුරුන් හෝ තමා කැමතිම වස්තුව කුමක්ද යනුවෙන් ඇසුවොත් ඒ “ජලය“ බවයි.

ඒ තමා කැමතිම වස්තුව ගැන වගකීම තමාට බාර දී ඇතැයි ද පැවසු අමාත්‍යවරයා, ඒ ගැන සතුටු වන බවත් පැවසීය.

නමුත් තමාට කැබිනට් අමාත්‍යධූරයක් නොමැති බවත් පැවසු වාසුදේව මහතා,“ සියලු දෙනාට ඇමතිලා වෙන්න බෑ“ යනුවෙන් ද කියා සිටියේය.

එය නොලැබීම ගැන තරහක් නොමැති බවත් පැවසු ඒ මහතා දැන් කථානායක ධූරය තමාට ලබා දීමට සුදානමක් ඇති බවට කථා පළ වෙන බවත් එය ලොකු තනතුරක් බවත් පැවසීය.

“එය කැබිනට් ඇමතිකමටත් වඩා ඉහළයි“ යනුවෙන්ද පැවසු ඒ මහතා, තමා අකමැතිම තානාන්තරය බවත් එම තනතුර හිමිවුවහොත් සිරකරුවෙක් බවට පත්වෙන බවත් කියා සිටියේය.

නමුත් “මාස 3 ක කොහොම හරි කරනවා කියලා ඉන්න කොට ඒකත් නෑ“ යනුවෙන් පැවසු රාජ්‍ය අමාත්‍යවරයා කථානායකවරයා අස්විය නොහැකි බව දැනුම් දී ඇතැයි ද පැවසීය.

ජල අමාත්‍යාංශය ඉතා ප්‍රබල අමාත්‍යාංශයක් බවත් වාසුදේව මහතා මෙහිදී කියා සිටියේය.

Read more

Local News