මනුෂ්‍ය සමාජයේ ඇති ලොකුම සම්පත දරුවන් – අද වනවිට දරුවන් එපා කියන සමාජයක් බිහිවෙලා

Share

මනුෂ්‍ය සමාජයේ ඇති වටිනාම සම්පත වන දරුවන් ආරක්ෂා කිරීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවත්, පාස්කු ප්‍රහාරයෙන් අසරණභාවයට පත්වූ දරුවන් වෙනුවෙන්ද අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවත් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

 

උන්වහන්සේ මේ බව සඳහන් කළේ මීගමුව ආවේ මරියා ශ්‍රවනාගාරයේදී ඊයේ (15) පැවති වැඩසටහනකට එක්වෙමින්.

මෙහිදී අදහස් දැක්වු කාදිනල් හිමියන් පවසා සිටියේ, දෙවියන් වහන්සේගේ කැමැත්ත මිනිසාට යටපත් කළ නොහැකි බවයි.

මිනිසුන් කොතෙක් උත්සහ කලත් ඒ දේ කළ නොහැකි බව පැවසු කාදිනල් හිමියන්, අලුත උපන් දරුවෙකුගේ ඇස් දිහා හොඳින් බලා සිටියහොත් ඒ ඇස් දෙක ඇතුලේ දෙවියන්ගේ මුහුණ පෙනෙන බවද පැවසීය.

මනුෂ්‍ය සමාජයේ ඇති ලොකුම සම්පත අපේ දරුවන් බවද, ඒ නිසා සියලු දරුවන් ආරක්ෂා කළ යුතු බවත් කාදිනල් හිමියන් කියා සිටියේය.

අද සමාජයේ දරුවන්ගේ ජීවිත නැති කිරීමට බොහෝ දේ සිදුවන බවත් පැවසු කාදිනල් හිමියන් අද වන විට දරුවන් එපා කියන සමාජයක් බිහිවෙමින් එන බවද පැවසීය.

Read more

Local News